
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් පැවැත්වූ විශාලතම බැඳුම්කර නිකුතුව අසාර්ථක වී ඇති බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා අනාවරණය කරයි.
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (13) දිනයේ දී රුපියල් මිලියන 250,000 ක භාණ්ඩාගාර වෙන්දේසියක් කැඳවා තිබිණි.
පරිණත කාණ්ඩ තුනක් යටතේ මෙම වෙන්දේසිය සඳහා භාණ්ඩාගාර බැඳුම්කර ඉදිරිපත් කර තිබුණු අතර, මෙය මෙතෙක් ඉතිහාසයේ තනි වෙන්දේසියක් සඳහා ඉදිරිපත් කළ වැඩිම බැඳුම්කර ප්රමාණය ලෙසින් සැළකේ.
කෙසේවෙතත් වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව තිබුණු ලංසු අතුරින් පිළිගෙන ඇත්තේ රුපියල් මිලියන 73,224 ක ලංසු ප්රමාණයක් පමණි.
මෙය සමස්ත නිකුතුවෙන් 30%කටත් වඩා අඩු ප්රමාණයක් වීම විශේෂත්වයකි. එනම් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්රමාණයෙන් 29.28% ක් පමණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart