
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායල-හමාස් ගැටුමේදී ගාසා තීරයේදී මියගිය සිය සගයන් සිහිකිරීම සඳහා එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වෙද්දී, සඳුදා ආසියාව පුරා එක්සත් ජාතීන්ගේ කාර්යාල සංකීර්ණවල ධජ අඩකුඹු කර ඇත.
නිල් සහ සුදු එක්සත් ජාතීන්ගේ ධජය බැංකොක්, ටෝකියෝ, බීජිං සහ කොළඹ කාර්යාලවල දේශීය වේලාවෙන් පෙ.ව. 9:30 ට පහත හෙළන ලද්දේ ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ වැඩසටහන්වලට එල්ල වූ ප්‍රහාරවලින් “සැළකිව යුතු මරණ සහ තුවාල සංඛ්‍යාවක්” වාර්තාවීම හේතුවෙනි.
පලස්තීනුවන්ට සහාය දැක්වීමේ එක්සත් ජාතීන්ගේ ඒජන්සිය (UNRWA) සිකුරාදා නිවේදනය කළේ යුද්ධය ආරම්භයේ සිට ගාසා තීරයේ සිය සේවකයන් 100 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.
ඔක්තෝබර් 07 වැනිදා හමාස් සටන්කාමීන් දකුණු ඊශ්‍රායල ප්‍රජාවන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ දා සිට, ඊශ්‍රායලය ගාසා තීරයේ ඉලක්ක වෙත බෝම්බ හෙළමින් සිටී.
ඊශ්‍රායල නිලධාරීන්ට අනුව හමාස් ප්‍රහාරවලින් 1,200ක් පමණ සිවිල් වැසියන් මියගොස් ඇති අතර 240ක් පමණ ප්‍රාණඇපයට ගෙන තිබේ.
ගාසා තිරයේ හමාස් සංවිධානය විසින් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ 11,000 කට වැඩි පිරිසක්, බොහෝ දුරට සිවිල් වැසියන් මියගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart