
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කඩදාසි හිඟයක් හේතුවෙන් පාකිස්ථානයේ විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම ගැටලුසහගත වී ඇතැයි වාර්තා වේ.
එරට සංක්‍රමණ සහ විදේශ ගමන් බලපත්‍ර අධ්‍යක්ෂ ජනරාල්ට අනුව, විදේශ ගමන් බලපත්‍රවල භාවිත කරන සහ සාමාන්‍යයෙන් ප්‍රංශයෙන් ආනයනය කරන ලද ලැමිනේෂන් කඩදාසි හිඟයක් හේතුවෙන් මෙම හිඟය ඇති වී තිබේ.
මෙම ගැටලුව නිසා විශේෂයෙන් විදේශීය අධ්‍යාපනය සඳහා පිටත්ව යෑමට සූදානම් වන සිසුන් ඇතුළු විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා සඳහන් කරයි.
මෙම අකාර්යක්ෂමතාව එක් වරක් පමණක් සිදු වූවක් නොවන බව පැවැසේ.
2013 දීද , මුද්‍රණ යන්ත්‍ර සඳහා මුදල් ගෙවීමට සහ ලැමිනේෂන් කඩදාසි නොමැතිකම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමට නොහැකිව මේ ආකාරයෙන්ම පකිස්ථානයේ ගැටළුවක් නිර්මාණය විය.
මීට පෙර දිනකට විදේශ ගමන් බලපත්‍ර 3,000 සිට 4,000 දක්වා වූ සංඛ්‍යාවක් මුද්‍රණය කළ පෙෂාවර් වැනි නගර කාර්යාලවල මේ වන විට දිනකට මුද්‍රණය කරනු ලබන්නේ විදේශ ගමන් බලපත්‍ර 12ක් 13ක් වැනි සුළු සංඛ්‍යාවක් බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart