
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථානයෙන් ආනයනය කළ මිරිස් තොගයක් ඇෆ්ලටොක්සීන් විෂ රසායනිකය අඩංගුවීම හේතුවෙන්, එම මිරිස් තොගය ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මිරිස් කන්ටේනර් 25 ක් එලෙස ප්‍රතිඅපනයනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නිලධාරියකු සඳහන් කර ඇත.
මෙරට ව්‍යාපාරිකයන් පිරිසක් එම මිරිස් ආනයනය කර ඇති බවද අදාළ නිලධාරියා සඳහන් කර ඇත.
මේ අතර ආහාරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම්දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ආහාර පාලන ඒකකය දුරකතන අංකයක් හඳුන්වාදී තිබේ.
එම අංකය වන්නේ 0112 112 718 ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart