
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වාර්තා වන අන්දමට මන්නාරම් ද්‍රෝණියේ මෙගාවොට් 250ක ධාරිතාවයකින් යුත් නව සුළං බලාගාරයක් ස්ථාපිත කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ලිපි ලේඛන අත්සන් කිරීම කඩිනම් කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පැවැසීය.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නොවැම්බර් 25 වැනිදාට පෙර සියලු ගිවිසුම් අත්සන් කිරීම අවසන් කිරීමට අමාත්‍යාංශය සූදානම් බවයි.
මහාචාර්යවරයා පෙන්වාදෙන ආකාරයට 2009 විදුලිබල පනතට අනුව ඕනෑම පෞද්ගලික සමාගමක් දේශීයව විදුලිය නිපදවීම සඳහා යම් ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුය.
එහෙත් රජයන් දෙකක් (රජයන් අතර – G to G) අතර සිදුකරන ව්‍යාපෘති සඳහා මෙම ක්‍රියාවලිය අනුගමනය කළේ නැත.
වත්මන් ආණ්ඩුව මෙම ගිවිසුම රජයන් දෙකක් අතර අත්සන් කෙරෙන්නක් බව හුවාදක්වමින්, ව්‍යාජ ආකාරයෙන් අදානි සමූහය සමග ගිවිසුමකට එළැඹීමට උත්සාහ කරන බවට මන්ත්‍රීවරයා චොදනා කරයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සහ සාමාන්‍යාධිකාරීවරුන් ඇතුළු කණ්ඩායම් නව විදුලි පනත සම්මත කිරීමට පෙර සියලු ගිවිසුම් අවසන් කිරීමට යුහුසුළු වන බවද ඔහු පැවැසීය.
වසර 30කට කාලයකට අත්සන් තැබීමට නියමිත මෙම ගිවිසුම මගින් සුළං බලයෙන් නිපදවන විදුලි ඒකකයක් රුපියල් 46කට මිලදී ගැනීමට සූදානම් වන බවද මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart