
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2009 වර්ෂයෙන් පසු උපන් , මේ වන විට වයස 14ක් වන සහ ඊට අඩු වයස්වල පසුවන මෙන්ම මින් ඉදිරියට උපත ලබන සියලුම බ්‍රිතාන්‍යයන් හට සිගරට් අලෙවි කිරීම තහනම් කිරීම සදහා යෝජිත නීතියට තම අනුමැතිය පළකරන බව චාල්ස් රජතුමා පවසයි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ අවස්ථාවේ රාජාසන කතාව පවත්වමින් ඔහු මේ බව සදහන් කළේය.
දුම්පානයෙන් තොර පරම්පරාවක් බිහිකිරීම සදහා බාලවයස්කරුවන්ට දුම්වැටි අළෙවිය තහනම් කිරීමේ නීති හදුන්වාදීමට අගමැති රිසි සුනාක්ගේ ආණ්ඩුව තීරණය කර ඇති අතර එහිදී මේ වන විට වයස 14ක් වන සහ ඊට අඩු වයස්වල පසුවන මෙන්ම මින් ඉදිරියට උපත ලබන සියලුම බ්‍රිතාන්‍යයන් හට සිගරට් අලෙවි කිරීම තහනම් කිරීමට යෝජනා කර තිබේ.
ඊට චාල්ස් රජතුමා මෙළෙස සිය සහය පළ කර ඇති අතර මෙය බ්‍රිතානයේ සෞඛ්‍ය අංශවල ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart