
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙරිටේ රිසර්ච්හි ‘ජාතියේ මනෝභාවය’ මත විමසුමේ නවතම වාර්තාව අනුව,2023 ජුනි මාසයේ 21%ක් වූ ආණ්ඩුවට ඇති ප්‍රසාදය 2023 ඔක්තෝබර් මාසයේදී 9% දක්වා පහත වැටී තිබේ.
රටේ තත්ත්වය පිළිබඳ සමස්ත තෘප්තිය 2023 ජූනි මාසයේදී පැවති 12% සිට ඔක්තෝබර් මාසයේ දී 6% දක්වා සැළකිව යුතු අඩුවීමක්ද සමීක්ෂණය මගින් පෙන්වා දී ඇත.
තවද, ආර්ථික විශ්වසනීය ලකුණු ජුනි මාසයේ සෘණ 44 සිට ඔක්තෝබර් මාසයේ දී සෘණ 62 දක්වා සැළකිව යුතු අඩුවීමක් දක්නට ලැබිණි.
‘ජාතියේ මනෝභාවය’ මත විමසුම වසරකට තුන් වතාවක් පවත්වනු ලබන අතර එය දිවයින පුරා, ජාතික වශයෙන් නියෝජනය වන ප්‍රතිචාර නියැදියක් මත පදනම් වේ.
“වත්මන් ආණ්ඩුව ක්‍රියා කරන ආකාරය ඔබ අනුමත කරනවාද ප්‍රතික්ෂේප කරනවාද?” යන ප්‍රශ්නයට, 9%ක් ඔවුන් අනුමත කරන බව ප්‍රකාශ කර ඇත (± 1.93% ක දෝෂ ආන්තිකයක් සමඟ).
තවද 7%ක් කියා සිටියේ තමන්ට ඒ සම්බන්ධ මතයක් නොමැති බවයි.
වර්තමාන ඇති ප්‍රසාද ශ්‍රේණිගත මට්ටම 2022 ජනවාරි සහ ඔක්තෝබර් මෙන්ම 2023 පෙබරවාරි මාසවල පැවති 10% ප්‍රසාද ශ්‍රේණිගත මට්ටමට ආසන්න බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වාදෙයි.
“සාමාන්‍යයෙන්, ශ්‍රී ලංකාවේ දේවල් සිදුවන ආකාරය ගැන ඔබ සෑහීමකට පත්වන්නේද නැතහොත් අතෘප්තිමත්ද?” යන ප්‍රශ්නයට, තමන් සෑහීමකට පත්වන බව ප්‍රකාශ කළේ 6%ක් පමණි (± 1.66%ක දෝෂ ආන්තිකයක් සහිතව).
මෙම ශ්‍රේණිගත කිරීම 2023 පෙබරවාරි මාසයේදී 4% තරම් අඩු මට්ටමක පැවතිණි.
ආර්ථිකය පිළිබඳ විශ්වාසය ජුනි මාසයේ සෘණ (-) 44 සිට ඔක්තෝබර් මාසයේ දී ලකුණු ඍණ (-) 62 දක්වා පහත වැටීමත් සමඟ ආර්ථික විශ්වාසය නරක අතට හැරී තිබේ.
කෙසේවෙතත්,ආර්ථික විශ්වසනීයත්වය පිළිබඳ මෙම පහත වැටීම 2022 දී නිරීක්ෂණය කරන ලද ඍණ (-) 96 සහ සෘණ (-) 78 අතර උච්චාවචන මට්ටම්වලට වඩා හොඳ මට්ටමක පවතියි.
ආර්ථික විශ්වසනීය ලකුණු ජනනය කිරීම සඳහා ආර්ථිකයේ තත්ත්වය සහ ගමන් පථය පිළිබඳ බහුවරණ ප්‍රශ්න භාවිත කෙරෙන අතර ලකුණු මට්ටම ඍණ (-) 100 සිට ධන (+) 100 දක්වා විය හැකිය.
බිංදුවට වඩා වැඩි අගයක් යන්නෙන් අදහස් කරන්නේ වැඩි පිරිසක් ආර්ථික තත්ත්වයන් සෘණාත්මකව දකිනවාට වඩා ධනාත්මකව දකින බවයි.
ආර්ථිකය දුර්වල මට්ටමක පවතින බව සෑම කෙනෙකුම සිතන්නේ නම් සහ එය නරක අතට හැරෙමින් පවතින බව සෑම කෙනෙකුම සිතන්නේ නම්, එවිට ලකුණු (-) 100ක් වේ.
වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේ ‘ජාතියේ මනෝභාවය’ සමීක්ෂණය ආණ්ඩුව, රට සහ ආර්ථිකය සම්බන්ධයෙන් මහජන අනුමැතිය, තෘප්තිය සහ විශ්වාසය තක්සේරු කිරීම අරමුණු කරගත්තක් බවයි.
මෙම මත විමසුම පදනම් වී ඇත්තේ ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,029 දෙනෙකුගේ ප්‍රතිචාර මත වන අතර එය 2023 ඔක්තෝබර් 21 සිට ඔක්තෝබර් 29 දක්වා පවත්වන ලදී.
මෙම සමීක්ෂණය වෙරිටේ රිසර්ච් ආයතනය , වන්ගාර්ඩ් සර්වේ පෞද්ගලික සමාගම සමඟ සහයෝගයෙන් සිදු කරන ලද්දකි.
එය ශ්‍රී ලංකාවේ මහජන හැඟීම් මැන බැලීමට වෙනත් සංවිධානවලටද අවස්ථාවක් සපයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart