
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යූහගතකරණ කටයුතුවලට එක්වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ සමාගම් කිහිපයක්ම උනන්දුව දක්වා ඇති බව වාර්තාව වේ.
ගුවන් සේවා කර්මාන්තයේ නිරත සමාගම් මෙන්ම ගුවන් සේවා ක්ෂේත්රයට සම්බන්ධ නොවන සමාගම් ද මේ අතර සිටින බව The Hindu Business Line වාර්තා කරයි.
The Hindu Business Line මේ පිළිබඳව කළ විමසීමකට ඊමේල් මගින් ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ කමිටුවේ සභාපති සුරේෂ් ෂා මේ බව ප්‍රකාශකර ඇත.
“ගුවන් සහ ගුවන් නොවන දෙඅංශයටම අයත් සමාගම් මේ සඳහා උනන්දුව පළකර තිබෙනවා. ඒවා ඉන්දියාව ඇතුළු තවත් රටවල් කිහිපයක සමාගම්“, යනුවෙන් ඔහු සඳහන් කර ඇති බව The Hindu Business Line වාර්තා කරයි.
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ 99%කට වැඩි කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුවන අතර 2024 ජූනි මාසයට පෙර එම හිමිකාරීත්වය අලෙවි කිරීමට කටයුතු කරනු ලබන බව රජය මීට පෙර නිවේදනය කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart