
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරන ආකාරයට මෙරට තැඹිලි අපනයනය 2023 වර්ෂයේදී 117%කින් ඉහළ ගොස් තිබේ.
වැවිලි භෝගයක් නොවුණත් ශ්‍රී ලංකාවේ තැඹිලි වෙනුවෙන් අන්තර්ජාතික වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින බව පොල් සංවර්ධන අධිකාරිය අනාවරණය කරයි.
2022 වසරේදී තැඹිලි ගෙඩි ලක්ෂ 110ක් අපනයනය කර ඇති අතර, ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 110ක් බව අධිකාරිය පෙන්වාදෙයි.
එසේම 2023 වසරේ ගතවූ මාස 10ක කාලයේදී තැඹිලි ගෙඩි ලක්ෂ 140ක් අපනයනය කර ඇති අතර, ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 140කි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පෙරේදා (31) පොල් සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය හා පොල් සංවර්ධන අධිකාරිය යන ආයතනවල නිලධාරින් සමඟ මෙරට පොල් වගාව සංවර්ධනය සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග හා මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ කළ සාකච්ඡාවේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.
ලබන වසරේදී අපනයනය ඉලක්ක කර ගත් තැඹිලි අපනයන වගා ආදර්ශ ගම්මානයක් ස්ථාපිත කිරීමට ද මෙහිදී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart