
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන වසරේ සිය විශාලතම, දුර්ලභ පතල නැවත ආරම්භ කිරීමට වියට්නාමය සැලසුම් කිරීම චීනය කලබලයට පත්කර ඇත.
පුවත් සේවා වාර්තා කර ඇති ආකාරයට බටහිර රටවල පිටුබලය ලබමින් වියට්නාම රජය එය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ වියට්නාම සංචාරයෙන් පසු, ඔහු වියට්නාමය සතු දුර්ලභ ඛනිජ කැණීම සඳහා ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමේ හැකියාව ඉහළ නැංවීමේ ගිවිසුමකට අත්සන් තැබීය.
මෙම පියවර මගින් වියට්නාමයට චීනය මත සිදුකෙරෙන යැපීම අවම කරගත හැකිය.
විචාරකයන් පෙන්වාදෙන්නේ මේ නිසා චීනයට වියට්නාමයේ සම්පත් සූරාකෑමට පවතින අවස්ථාව සිමාවන බවයි.
ලොව රටවල් රැසක් දුර්ලභ ඛනිජ සම්පත් සඳහා චීනය වෙනුවට විකල්පයක් සොයමින් සිටී.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයකට අනුව, වියට්නාමය සතුව දෙවන විශාලතම දුර්ලභ ඛනිජ තැන්පතු ඇත.
දැන්, මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට, වියට්නාමයේ රජය වසර අවසානයට පෙර Dong Pao පතල බහුවිධ කොටස් සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart