
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත සිල්ලර ව්‍යාපාරික මෙහෙයුම් හෝ තීරුබදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකිරීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ශ්‍රී ලංකා රජය ගැසට් කර ඇත.
ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 ඔක්තෝබර් 25 දින ප්‍රකාශයට පත්කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් මගින් අදාළ අවශ්‍යතා නියම කර තිබේ.
2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව, ආයෝජකයකු තීරුබදු රහිත සිල්ලර ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 05ක් ආයෝජනය කළ යුතු අතර, තීරුබදු රහිත වෙළෙඳ මෙහෙයුම් පිළිබඳ අන්තර්ජාතික මට්ටමේ පළපුරුද්දක් තිබිය යුතුය.
මේ අතර, ආයෝජකයකු තීරුබදු රහිත සාප්පු සංකීර්ණ ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 07ක් ආයෝජනය කළ යුතුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart