
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායලයේ හමාස් ප්‍රහාරය වැනි හදිසි ප්‍රහාරවලින් මිදීම සඳහා ඉන්දියාව සිය දේශසීමා හරහා ඩ්‍රෝන යානා සහිත නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කරමින් සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
පසුගිය සතිය තුළ අත්හදා බැලීමේ මට්ටමින් එවැනි නිරීක්ෂණ ඩ්‍රෝන යානා ගුවන්ගත කරා ඇති අතර, ලබන මාසයේ දී මීට අදාළ නියෝගයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට තොරතුරු ලැබී ඇතැයි Hindustan Times සඳහන් කරයි.
මෙලස දේශසීමා නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීමේ පියවර පැමිණෙන්නේ, අසල්වැසි චීනය සහ පාකිස්ථානනය සමඟ විශේෂයෙන් හිමාලය ආසන්නයේ ආතතීන් පවතින බැවිනි.
යුක්රේනයේ යුද්ධය හේතුවෙන් ඉන්දීය රජය සිය අවි ගබඩාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති අතර, හමාස් ප්‍රහාරය විසින් යෝජිත නිරීක්ෂණ ක්‍රියාමාර්ග ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට රට මෙහෙයවා ඇතැයි Hindustan Times වාර්තාව ප්‍රකාශ කරයි.
මෙම ඩ්‍රෝන නිරීක්ෂණ පද්ධතිය මගින් සමස්ත දේශසීමාව ආවරණය කිරීමට මාස 18 කට ආසන්න කාලයක් ගතවනු ඇති අතර, වාර්ෂිකව ඩොලර් මිලියන 500 ක් පමණ වැය විය හැකි බවද අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart