
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ගොඩබිම් ආක්‍රමණයක් සිදුකිරීමට සූදානම් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරයි.
කෙසේවෙතත් එම ආක්‍රමණය සිදුවන්නේ කවදාද යන්න අගමැතිවරයා හෙලිකට නොමැත.
“මෙය ආරම්භය පමණක්” යැයි ඊශ්‍රායල අගමැතිවරයා රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් සඳහන් කර ඇත.
මේ අතර, ගාසා තීරයේ ඉන්ධන අවසන් වීමත් සමඟ රෝහල් හදිසි සේවා හැර අනෙකුත් සියලු කටයුතු නතරවී තිබේ.
ඊශ්‍රායලය ගාසා තීරයට ඉන්ධන සැපැයීම අවහිර කර ඇති අතර, හමාස් සංවිධානය ඉන්ධන ගබඩා කර ඇති බවට චෝදනා කරයි.
ඊශ්‍රායල ප්‍රහාරවලින් 6,500කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන නමුත් ගාසා තීරයේ මරණ සංඛ්‍යාව සඳහා පලස්තීනුවන් භාවිත කරන සංඛ්‍යාව ගැන තමාට විශ්වාසයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර ඇත.
“පලස්තීනුවන් කීදෙනෙක් ඝාතනය කර ඇතිද යන්න පිළිබඳ සත්‍යය පවසන බවට මට අදහසක් නැත. අහිංසකයන් මරාදමා ඇති බව මට විශ්වාසයි. එය යුද්ධයකදී ගෙවීමට සිදුවන මිලයි ” ඔහු සඳහන් කර තිබේ.
මේ අතර, ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර නිසා අවම වශයෙන් පලස්තීනුවන් 6,546ක් මිය ගොස් ඇති අතර, ඔක්තෝබර් 07 සිට ඊශ්‍රායලයේ 1,400 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.
එමෙන්ම යුරෝපා සංගමයේ (EU) නායකයන් ගාසා තීරයේ ‘මානුෂීය සටන් විරාමයක්’ ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart