
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිනිසුන් බිය වද්දමින් මත්ද්‍රව්‍ය යොදාගෙන යාපනය බස් නැවතුම්පළේදී උපන් දින සාදයක් පැවැත් වූ කඩු කල්ලියක නායකයකු පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව නොවැම්බර් 9 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් පසුගිය 24 දා නියෝග කර තිබේ.
ඔහු කප්පම් ගැනීම් හා මංකොල්ලකෑම් සඳහා යාපනයේ ක්‍රියාත්මක වන කඩු කල්ලියක නායකයා බව පොලිසිය පවසයි.
ඔහුගේ උපන් දිනය නිමිත්තෙන් මහජනතාව ගැවසෙන යාපනය බස් නැවතුම්පළේ උපන්දින සාදයක් සංවිධානය කර එහිදී කේක් කපා මත්ද්‍රව්‍ය පානය කරමින් කැ කෝ ගසමින් ජනතාවට බාධා වන සේ හැසිරී තිබේ.
යතුරුපැදි 100කින් පමණ පැමිණි මේ පිරිස ගැන ජනතාව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය පැමිණ තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී යාපනය මහෙස්ත්‍රාත්වරයා එම උපන්දින සාදය පැවැත්වීමට මුල් වූ පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.
ඒ අනුව, යාපනය පොලිසිය මීට පෙර මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හයදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව මේ මස 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසත්, උපන් දින සාදය පැවැත්වීමට මුල් වූ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙසත්, මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව සැකකරු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart