
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකා එක්සත් ජනපදයේ ඊසානදිග මේන් ප්‍රාන්තයේ ලුවිස්ටන්හි තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
පොලිස් වාර්තා උපුටා දක්විමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත්තේ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.
ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් 60 ක් පමණ තුවාල ලබා ඇති බව එන්බීසී පුවත් සේවය වාර්තා කර ඇත.
වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයා තවමත් නිදැල්ලේ පසුවන බවත් ඔහු සොයා මෙහෙයුම් සිදුකරන බවත් ලුවිස්ටන් පොලිස් බලධාරීහු පවසති.
ලුවිස්ටන් හි 39,000 ක් පමණ ජීවත්වන අතර ඔවුන්ට ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස උපදෙස් නිකුත් කර තිබේ.
අපරාධයට සම්බන්ධ බව කියන රොබට් කාඩ් නම් පුද්ගලයෙකුගේ ඡායාරෑප මේ වන විට පොලිසිය විසින් ප්‍රසිද්ධ කර ඇති අතර ඔහු එක්සත් ජනපද හමුදා සංචිත පුහුණු මධ්‍යස්ථානයක ගිනි අවි උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති අයෙකු බවත් පසුව මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ලබාගත් අයකු බවත් ඇතැම් වාර්තාවල දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart