
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථාන අන්තර්ජාතික ගුවන් සේවය කඩාවැටීම ආසන්නයේ පවතින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ගුවන් යානා ඉන්ධන අවශ්‍යතා සඳහා ගෙවීමට අරමුදල් ලබාගැනීමට ගුවන් සමාගමට නොහැකි වීම මෙම අර්බුදයේ ප්‍රධාන කොටස බවට පත්ව ඇත.
මෙම අර්බුදකාරී තත්වය හේතුවෙන් පසුගිය දින 10 තුළ ගුවන් ගමන් 300 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමට ගුවන් සේවයට සිදුව තිබේ.
මෙම තත්වය මත ගුවන් සමාගම සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආසන්න බව ඩෝන් ඇතුළු එරට පුවත් සේවා සඳහන් කරයි.
ඩෝන් පුවත්පත වාර්තා කර ඇති ආකාරයට ඔක්තෝබර් 16 සහ ඔක්තෝබර් 17 අතර ගුවන් සමාගම විදේශීය සහ දේශීය ගමන් 48 ක් අවලංගු කර තිබේ.
මේ මස මුලදී, පාකිස්ථානයේ කැබිනට් මණ්ඩලය යටතේ ඇති ආයතනයක් ඉදිරි මාස හතර ඇතුළත පාකිස්ථාන අන්තර්ජාතික ගුවන් සේවය (PIA) පෞද්ගලීකකරණය කිරීමට සැලසුම් කිරීම සඳහා මූල්‍ය උපදේශකයන් බඳවා ගැනීමට කටයුතු කර ඇත.
2023 දී පමණක් ගුවන් සේවය අමෙරිකානු ඩොලර් මිලියන 550 ක දැවැන්ත පාඩුවක් ලබාඇති බැවින් රජය මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart