
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ මිලිටරි බලය පිළිබඳ පෙන්ටගනයේ වාර්තාවක් පවසන්නේ, චීනය සිය න්‍යෂ්ටික අවි ගබඩාව කෙතරම් ඉක්මණින් ගොඩනඟා ගන්නේද යන්න පිළිබඳ පෙර කළින් කරන ලද තක්සේරු වාර්තා මේ වන විට ඉක්මවා යමින් ඇති බවයි.
එමනිසා තායිවානය සම්බන්ධයෙන් ගැටුමක් ඇති වුවහොත් එය කෙබඳු විය හැකිද යන්න පිළිබඳව යුක්රේනය සහ රුසියාවේ යුද්ධයෙන් පාඩම් ඉගෙන ගනිමින් සිටින බවත් එම වාර්තාව පෙන්වාදෙයි.
බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද එම වාර්තාවට අනුව චීනය සිය සාම්ප්‍රදායික අවි භාවිත කරමින් නව අන්තර් මහද්වීපික මිසයිල පද්ධතියක් සංවර්ධනය කරමින් සිටියි.
එය ක්‍රියාත්මක කළහොත්, එක්සත් ජනපදය, හවායි සහ ඇලස්කාවේ ඉලක්කවලට එරෙහිව චීනය ප්‍රහාර දියත් කළ හැකිය.
සැන් ෆ්රැන්සිස්කෝ හි පැවැත්වෙන ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සමගාමීව චීන නායක ෂී ජින්පින් සහ ජනාධිපති ජෝ බයිඩන් අතර පැවැත්වීමට අපේක්ෂිත රැස්වීමට මාසයකට පෙර මෙම වාර්තාව නිකුත් කර තිබීම විශේෂත්වයකි.
එක්සත් ජනපද නිලධාරීන් පුරෝකථනය කළාට වඩා බොහෝ වේගයෙන් චීනය සිය න්‍යෂ්ටික බලය ව්‍යාප්ත කරමින් සිටින අතර, මෙම සියවස මැද වන විට එක්සත් ජනපදයේ ගෝලීය බලයට ගැලපීම හෝ අභිබවා යෑමට බීජිනයට හැකි වන පරිදි සැලසුම් කර ඇති බවට එක්සත් ජනපදය බිය පළකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart