
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථානයේ බැලස්ටික් මිසයිල වැඩසටහනට මිසයිල යෙදිය හැකි අයිතම සැපයීමට ක්‍රියා කළ බව අනාවරණය වූ චීනය පදනම් කරගත් සමාගම් තුනකට එක්සත් ජනපදය සම්බාධක පනවා ඇත.
General Technology Limited, Beijing Luo Luo Technology Development Co Ltd සහ Changzhou Utek Composite Company Ltd යන සමාගම්වලට මෙලෙස්ස් සම්බාධක පැනවීමට එක්සත් ජනපදය කටයුතු කර තිබේ.
ඒ අතුරින් එක් සමාගමක් බැලස්ටික් මිසයිල රොකට් එන්ජින්වල සහ දහන කුටීර නිෂ්පාදනයේදී සංරචක සම්බන්ධ කිරීමට භාවිත කරන බ්‍රේසිං ද්‍රව්‍ය සැපයීමට කටයුතු කර ඇති බව පැවැසේ.
Beijing Luo Luo විසින් ඝණ -ප්‍රොපෙලන්ට් රොකට් මෝටර නිෂ්පාදනය සඳහා භාවිත කළ හැකි මැන්ඩ්‍රල් සහ අනෙකුත් යන්ත්‍රෝපකරණ සැපයීමට කටයුතු කර ඇති බව එක්සත් ජනපදය පවසයි.
“අද ක්‍රියාවෙන් පෙන්නුම් කරන්නේ මහා විනාශකාරී ආයුධ ව්‍යාප්තිය, ඒවා බෙදා හැරීමේ මාධ්‍යයන් සහ ඒ ආශ්‍රිත ප්‍රසම්පාදන ක්‍රියාකාරකම් කොතැනක සිදු වුවද ඒවාට එරෙහිව එක්සත් ජනපදය දිගටම ක්‍රියා කරන බවයි,” යැයි එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart