
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කසිප්පු පෙරීමේ නිරතව සිටි චීන ජාතිකයන් දෙදෙනකු වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී මෙම චීන ජාතිකයන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයන් දෙදෙනා කොළඹ වරාය නගර(පොර්ට් සිටි) ව්‍යාපෘතියේ සේවය කරන්නන් බව පැවැසේ.
අදාළ පුද්ගලයන් ඔබේසේකරපුර ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන පදිංචිව සිට ඇති අතර, එම නිවසේ මෙලෙස කසිප්පු පෙරන බවට ලද තොරතුරකට අනුව පොලිසිය වැටළීමක් සිදුකර ඇත.
එම වැටළීමේදී මෙමෙ චීන ජාතිකයන් සතුව පැවැති කසිප්පු පෙරීම සඳහා භාවිත කරන උපකරණ සහ ගෝඩා ලීටර් 250ක් සොයාගත් බවද පොලිසිය අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart