
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔක්තෝම්බර් 07 ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය හමාස් සංවිධානයේ ඉහල නිලධාරීන් ගණනාවක් මරාදමා ඇත.
ඊශ්‍රායල ජනමාධ්‍ය වාර්තා වලට අනුව ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨයකු වන ජමිලා අල්-ශාන්ති මියගොස් තිබේ.
හමාස් දේශපාලන කාර්යාංශයේ පළමු කාන්තාව අල්-ශාන්ති ය.
68 හැවිරිදි ජමීලා අල් ෂැන්ටි ලෙසින්ද හඳුන්වාදෙන එම කාන්තාව හමාස් සංවිධානයේ සම නිර්මාතෘ අබ්දෙල් අසීස්ගේ වැන්දඹු බිරිය බවත්, එම සංවිධානයේ කාන්තා අංශයේ නායිකාව බවත් පලස්තීන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ පළමු කාන්තා සාමාජිකාව ලෙස ඇය තෝරාගෙන ඇත්තේ 2021 වසරේදී බව ද වාර්තා වේ.
ඇගේ සැමියා වූ අබ්දෙල් අසීස් 2004 වසරේ ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුමුවට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart