
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රඹුක්කන ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන හිමිනමක් T – 56 මැගසින් 02ක් සහ උණ්ඩ 161 තොගයක් සමග ඊයේ සැකපිට අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය සඳහන් කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් හිමිනම හොරණ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුවක් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පවසා තිබේ.
මෙම සැකකාර ශිෂ්‍ය භික්ෂුව වැඩ විසූ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් කරන ලද දැනුම් දැනුම්දීමක් අනුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් මැගසින් 02ක සහ ජීව උණ්ඩ සමග මෙම ශිෂ්‍ය භික්ෂුව සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
එහි තිබී ගංජා 850gක් ළඟ තබාගෙන සිටි බව කියමින් එම විහාරස්ථානයේ වැඩ වාසය කරන තවත් භික්ෂුවක් ද මෙහිදී පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart