
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ ගාසා තීරයේ “මංමුලා සහගත” තත්වය පිළිබඳව කනස්සල්ල පළ කළ අතර, මානුෂීය ව්‍යසනයක් වළක්වා ගැනීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කළ යුතු බව ඉල්ලා සිටියේය.
සිය සතිපතා දේව මෙහෙය සිදුකරමින් පාප් වහන්සේ, සිය ආයුධ බිම තබන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටි බව නිල වතිකානු පුවත් වාර්තා කළේය.
“විපතට පත් වූවන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතින අතර ගාසා තීරයේ තත්වය මංමුලා සහගත ය … මානුෂීය ව්‍යසනයක් වළක්වා ගැනීමට හැකි සෑම දෙයක්ම කළ යුතුය” යැයි උන්වහන්සේ පවසා ඇත.
යුද්ධය කිසිවක් විසඳන්නේ නැති බව පවසමින් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පවසා ඇත්තේ, එය “මරණය සහ විනාශය වපුරන” බව පමණක් බවත්, වෛරය සහ පළිගැනීම වැඩිකරන බවත්ය.
“යුද්ධය අනාගතය මකාදමයි” සාමයේ පැත්ත ගන්නා ලෙස උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
උන්වහන්සේගේ ප්‍රකාශය සිදුවූයේ අඟහරුවාදා මිනිසුන් සිය ගණනක් මරාදැමූ ගාසා රෝහලකට එල්ල වූ මාරාන්තික මිසයිල ප්‍රහාරයකින් පසුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart