
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම අසීරු කටයුත්තක් බැවින්, එය අහෝසි කිරීමේ කිසිදු පියවරක් ගෙන නොමැති බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සංකීර්ණ සහ දුෂ්කර ක්‍රියාවලියක්. වත්මන් පාර්ලිමේන්තුව හරහා එය කළ හැකි ක්‍රමයක් නැහැ. ඒකත් මේ රටේ ජනතාව මැදිහත් වෙන්න ඕන වැඩක්” යැයි ඇමැතිවරයා පැවැසීය.
“කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම සඳහා නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමට අපි යෝජනා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජය විවෘතයි. මේ වෙනස ජනතාවට අවශ්‍යයි. ඒ නිසා වෙනසක් අත්‍යාවශ්‍යයි,” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවට ‘අසත්‍ය ප්‍රකාශ’ කළ බව කියන මුලතිව් හිටපු දිසා විනිසුරු පී.සරවනරාජා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව පරීක්ෂණයක් පවත්වන බව ද ඇමැතිවරයා පැවැසීය.
“මරණ තර්ජන සම්බන්ධයෙන් විනිසුරුවරයා අධිකරණ සේවා කොමිෂන් සභාවේදී කිසිවකුට කිසිවක් දැනුම් දී තිබුණේ නැහැ,” ඇමැතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart