
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, පුවත්පත් කලාවේදියෙක් සහ ‘බුද්ධි බතික්‘ ආයතනයේ සම නිර්මාතෘවරයා වූ බුද්ධි කීර්තිසේනයන් අභාවප්‍රාප්ත විය.
ඊට අමතරව කීර්තිසේනයන් ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපතිවරයකු ලෙසත්, සිනෙසිටි සිනමා අධිපති ධුරයේත් කටයුතු කර තිබේ.
‘යසෝමා’ චිත්‍රපටය නිෂ්පාදනය කරමින් සිනමා ක්ෂේත්‍රයට එක්වූ බුද්ධි කීර්තිසේන “ඇය ඔබට බාරයි”වැනි චිත්‍රපට සඳහා මෙන්ම “සුජාතා” චිත්‍රපටයේ නව නිෂ්පාදනය වැනි නිර්මාණ සඳහා නිෂ්පාදනයෙන් දායක වී ඇත .
මීගමුව ලොයෙලා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ බුද්ධි කීර්තිසේනයන් ‘බුද්ධි බතික්’ නමින් සුප්‍රකට බතික් ව්‍යාපරය ආරම්භ කරමින් දේශීය බතික් කලාව අන්තර්ජාතික තලය වෙත ගෙනයෑමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළේය.
කීර්තිමත් සිනමාවේදියකු වන විශ්වනාත් බුද්ධික කීර්තිසේන හෙවත් බූඩි කීර්තිසේන ඔහුගේ පුත්‍රයායි.
දෙදරු පියකු වූ බුද්ධි කීර්තිසේනයන් විවාහ වී සිටියේ මාග්‍රට් රණසිරි කීර්තිසේන සමග වන අතර දර්ශි කීර්තිසේන ඔහුගේ අනෙක් දරුවායි.
කීර්තිසේනයන් දිවි ගමනට සමුදෙද්දී 83 වැනි විය පසුකරමින් සිටියේය.
ඔහුගේ දේහය 18 වැනි බදාදා සිට 19 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 09.00 දක්වා කොළඹ 08, ලේක් ඩ්‍රයිව්හි පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තැබේ.
අනතුරුව පස්වරු 03.00 දක්වා මහවැව, කොස්වාඩිය බුද්ධි බතික්ස් ආයතනයේ තැන්පත් කර තැබෙන අතර 21 වැනි සෙනසුරාදා පස්වරු 4.00ට කොස්වාඩිය සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart