
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් රට පුරා කර්මාන්ත ශාලා සහ සමාගම් වෙත ඩීසල් බෙදාහැරීම නියාමනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ.
ඒ සම්බන්ධයෙන් වන දැනුම්දීම් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සහ ඉන්දීය ඔයිල් සමාගමට ලිඛිතව යොමුකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් සයිනොපෙක් සමාගමට එවැනි දැනුම්දීමක් ඊයේ (15) වනතුරුද සිදුකර නැතැයි ඛනිජතෙල් අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි.
පසුගියදා ඇතිවූ ඉන්ධන හිඟයත් සමඟ ඉන්ධන බෙදාහැරීමේදී හඳුන්වා දුන් කොටා (QR) ක්‍රමය නව මුහුණුවරක් යටතේ නැවත ඇති කිරීමටද රජයේ අවධානය යොමුවී ඇත.
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇති වුවහොත් ජනතාව පීඩාවට පත් නොවන අයුරින් ඉන්ධන බෙදාහැරීම සඳහා නිසි යාන්ත්‍රණයක් සකස් කිරීම රජයේ අරමුණ වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart