
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ දිනවල දරුවන්ට ඇස් ආශ්රිත ආසාදනයක් හෝ එක දිගට කඳුළු ගැලීමක් ඇත්නම් පාසල් එවීමෙන් වළකින ලෙස කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි දෙමාපියන්ගෙන් ඉල්ලා ඇත.
මේ දිනවා පැතිර යන ඇස් රෝගය හේතුවෙන් දැනටමත් කොළඹ නගරයේ පාසල් කිහිපයක ශ්‍රේණි කිහිපයක් වසාදමා ඇතැයි ඔහු සඳහන් කරයි.
තම දරුවන් ඇස් රෝගයකින් පෙළෙන්නේ නම් පාසල් නොඑවා නිවසේම තබාගන්නා ලෙස ද වෛද්‍යවරයා පවසයි.
මෙම ඇස් රෝගය වැළඳුණු පසු දින 07ක් හෝ 08ක් යන විට එම රෝගී තත්ත්වය පහවී යන බවද හෙතෙම සඳහන් කර තිබේ.
ඇස්වල වේදනාව, වැලි මෙන් ඇස් කෙවෙන ගතිය, එක දිගට කඳුළු ගලාගෙන යෑම මෙහි රෝග ලක්ෂණ වන අතර, යම් යම් පෘෂ්ඨ අල්ලා ඇස් ඇල්ලීමෙන් වළකින ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart