
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක් තීරයක් – එක් මාවතක් වැඩසටහනේ (BRI) 10 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන සතියේ චීනය බලා පිටත්ව යෑමට නියමිතය.
වාර්තාවන්ට අනුව, ඔක්තෝබර් 17 සහ 18 යන දිනවල චීනයේ පැවැත්වෙන සමුළුවට ජනාධිපති වික්‍රමසිංහ සහභාගී වනු ඇත.
ඔහු සිය සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතය.
චීනය තුළ එක් තීරයක් – එක් මාවතක් ලෙස හැඳින්වෙන ‘තීරය සහ මාර්ග මුලපිරීම’, රටවල් 150කට වැඩි සංඛ්‍යාවක සහ අන්තර්ජාතික සංවිධානවල ආයෝජනය කිරීම සඳහා චීන රජය විසින් 2013 දී ආරම්භ කරන ලද ගෝලීය යටිතල පහසුකම් සංවර්ධන උපාය මාර්ගයකි.
මෙම වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලංකාව ඇතුළු ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල් රැසක් ණය උගුලක සිරකිරීමට චීනය කටයුතු කර ඇති බවට බරහිර රටවල් චෝදනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart