
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පරිසර ඇමැති නසීර් අහමඩ්ගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තමන් තේරීපත්වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සභික අලි සහීර් මවුලානා පවසයි.
නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපාහැරීම නීත්‍යානුකූල බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පසුගිය සිකුරාදා ලබාදුන් සුවිශේෂී තීන්දුවෙන් පසුව තමාගේ පත්වීම සිදුවන බව X (ට්විටර්) සටහනක් තබමින් මවුලානා ප්‍රකාශ කර ඇත.
2022 අප්‍රේල් මාසයේදී නසීර් අහමඩ් සිය දේශපාලන ස්ථාවරය වෙනස් කිරීමෙන් පසු ඔහුව පක්ෂයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කරන ලද අතර, පසුව ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ රජයේ පරිසර ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ පසුගියදා ලබාදුන් තීන්දුවත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ්ගේ අසුන පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් මැතිවරණ කොමිසමට දැන්වීමක් ලැබී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අපේක්ෂක අලි සහීර් මවුලානා පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉදිරිපත්ව, මඩකලපුව දිස්ත්‍රික්කයේ දෙවැනි වැඩිම ඡන්ද ලබාගැනීමෙන් පසු පාර්ලිමේන්තුවට පිවිසීමට ඊළඟට සිටින සුදුස්සා බවට පත්ව ඇත.
Update – පරිසර ඇමැති නසීර් අහමඩ්ගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අලි සහීර් මවුලානා පත්කළ බව පවසමින් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart