
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
“ප්‍රසිද්ධියේ ප්‍රකෝපකාරී ප්‍රකාශ කිරීම” සම්බන්ධයෙන් 2010 වසරේ(වසර 13කට පෙර) කරන ලද පැමිණිල්ලක් පදනම් කරගෙන ගත්කතුවරියක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක වන අරුන්දතී රෝයි සහ කාශ්මීරයේ මධ්‍යම විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්යවරියකට එරෙහිව නඩු පැවරීමට ඉන්දියාවේ දිල්ලි පොලිසිය සූදානම් වේ.
ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 153A, 153B සහ 505 වගන්ති යටතේ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් රෝයි සහ හිටපු මහාචාර්ය ෂෙයික් ෂොකට් හුසේන්ට එරෙහිව ප්‍රාථමික නඩුවක් පැවරීමට දිල්ලි ආණ්ඩුකාර විනයි කුමාර් සක්සේනා අවසර ලබාදී ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර ඇත.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 196 වැනි වගන්තිය යටතේ මෙම අවසරය ලබා දී ඇති අතර, එවැනි වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා රජයේ අවසරය අනිවාර්ය වේ.
කාශ්මීරයේ සමාජ ක්‍රියාකාරිකයකු වන සුෂිල් පණ්ඩිත්ගේ පැමිණිල්ලක් මත, නවදිල්ලියේ මෙට්‍රොපොලිටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග අනුව, 2010 නොවැම්බර් 27 වන දින තිලක් මාර්ග් පොලිස් ස්ථානයේ අදාළ මූලික පැමිණිල්ල ලියාපදිංචි කර තිබේ.
2010 ඔක්තෝබර් 21 වැනි දින “Azadi – The Only Way” යන බැනරය යටතේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ කමිටුව විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී රෝයි සහ හුසේන් ඇතුළු පිරිස ප්‍රකෝපකාරී දේශන පැවැත්වූ බවට පැමිණිලිකරු චෝදනා කර ඇත.
තවත් විත්තිකරුවන් දෙදෙනකු වන කාශ්මීර බෙදුම්වාදී නායක සයිඩ් අලි ෂා ගීලානි සහ පාර්ලිමේන්තු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලද දිල්ලි විශ්වවිද්‍යාල කථිකාචාර්ය සයිඩ් අබ්දුල් රහ්මන් ගීලානි නඩුව විභාග වෙමින් තිබියදී මියගොස් ඇත.
මේ අතර ජ්‍යෙෂ්ඨ කොංග්‍රස් පක්ෂ නායකයකු වන පී. චිදම්බරම් දේශද්‍රෝහී නීතිය අනිසි ලෙස භාවිත කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart