
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය මුදලින් කොටසක් කපා හැරීම පිළිබදව චීනය සලකා බැලිය යුතු බවත් එසේ නොවුණහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් ගමන් කරනු ඇති බවත් පිලිපීනයේ මුදල් අමාත්‍ය බෙන්ජමින් ඊ ඩිකොනෝ පවසයි.
ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ බලාපොරොත්තු සුන් නොවී අභියෝග ජයගැනීම සඳහා ශුභවාදී විය යුතු බව ද පිලිපීන මුදල් අමාත්‍යවරයා සදහන් කරයි.
නිවුස් ෆර්ස්ට්හි සුලෆීක් ෆර්සාන් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කර තිබේ.
COVID වසංගතයෙන් පසු පිලිපීනය මුහුණ දුන් ආර්ථික අභියෝග සිහිපත් කළ ඔහු මනා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තම රටට අභියෝග ජය ගැනීමට ඉඩ සැලසූ බව සදහන් කළේය.
මොරොක්කෝවේ පැවැත්වෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වලට සමගාමීව ඔහු මෙම අදහස් පළකර තිබිණ.
ශ්‍රී ලංකාව සිය දේශීය සම්පත් බලමුලු ගැන්වීම ඇගයීමට ලක් කළ යුතු බවත්, එසේ කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ කලාපීය හවුල්කරුවන්ගෙන් ශ්‍රී ලංකාවට සහාය ලබා ගැනීම පහසු වනු ඇති බවත් පිලිපීන මුදල් ඇමතිවරයා සදහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart