
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියා වන චීනය සිය ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග මූලික එකඟතාවකට පැමිණ ඇති බව බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.
එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට බලාපොරොත්තුවක් එක්කරමින්, චීනයේ එක්සිම් බැංකුව ශ්‍රී ලංකාව සමඟ “මූලික” ගිවිසුමකට එළඹ ඇත.
මෙලෙස ණය ගිවිසුමකට එළඹුණු බව බ්ලූම්බර්ග් පවසා ඇත්තේ, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ඔක්තෝබර් 10දා බීජිංහිදී ප්‍රකාශ කළ බව සඳහන් ප්‍රකාශයක් උපුටා දක්වමිනි.
දෙවැනි ඩොලර් මිලියන 330 ක වාරිකය ලබාගැනීමට සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් හා ලෝක බැංකුවෙන් අයවැය ආධාරක ණය සඳහා අඛණ්ඩව සුදුසුකම් ලැබීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලට පිළිගත හැකි ප්‍රගතියක් ශ්‍රී ලංකාව විසින් පෙන්විය යුතුය.
එම ප්‍රගතිය ලඟාකරගත නොහැකිව පවතින්නේ, චීනයේ ණය තොගය ප්‍රතිව්‍යුහගතකරණය කරගැනීම අඛණ්ඩව ප්‍රමාදවීම හේතුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart