
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැඩිහිටියන්ට පමණක් වෙන්වූ චිත්‍රපටවල රඟපෑමෙන් ප්‍රසිද්ධියට පත් මියා කලීෆා ඊශ්‍රායල-පලස්තීන යුද්ධය ගැන තබන ලද ට්විටර් සටහන් හේතුවෙන් නැවත වරක් ආන්දෝලනයට ලක්ව ඇත.
මියා සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ, “තත්වය දෙස බලන විට ඔබට පලස්තීනුවන්ගේ පැත්ත ගත නොහැකි නම්, ඔබ වර්ණභේදවාදයේ වැරදි පැත්තක සිටින අතර ඉතිහාසය මෙය කාලයත් සමඟ ඔප්පු කරනු ඇත.” යනුවෙනි.
එසේම ඇය ට්විටර් ඔස්සේ යුද්ධය සම්බන්ධයෙන් තවත් ප්‍රකාශ කිහිපයක්ම සිදුකර ඇත.
පලස්තීනුවන් සමඟ නැගී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ඇයගේ පණිවිඩය විවිධ පාර්ශ්වවල අවධානට සහ විවේචනට ලක්ව තිබේ.
වැඩිහිටි සඟරාවක් වන Playboy, ඊශ්‍රායල-හමාස් යුද්ධය මධ්‍යයේ පලස්තීනයට සහ හමාස් වෙත සහාය ප්‍රකාශ කරමින් තබා ඇති ඇයගේ මෑත කාලීන සමාජ මාධ්‍ය සටහන්වලට විරෝධය පළකරමින්, මියා කලීෆා සමඟ ඇති කොන්ත්‍රාත්තුව අවසන් කර ඇත.
එසේම කැනේඩියානු ගුවන් විදුලි නාලිකාවක්ද ඇය සමග වැඩසටහන් සඳහා අත්සන් කර ඇති ගිවිසුම අවසන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart