
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙපාර්ශ්වය අතර දිගුකාලීන ගැටුමේ තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරමින් ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව “යුද අනතුරු ඇඟවීමේ තත්වයක්” ප්‍රකාශයට පත්කර ඇත.
ගාසා තීරයේ සටන්කාමීන් මාරාන්තික රොකට් ප්‍රහාරයක් එල්ල කර, සිය තුවක්කුකරුවන් ඊශ්‍රායල භූමියට යැවීමෙන් පසු ඊශ්‍රායලය මෙලෙස යුද තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් “දැවැන්ත ප්‍රහාරයක්” ලෙස විස්තර කර ඇති අලුයම රොකට් ප්‍රහාරයෙන් අවම වශයෙන් එක් අයෙකු මියගොස් කිහිපදෙනකුට තුවාල සිදුවී තිබේ.
ගාසා තීරය පාලනය කරන පලස්තීන සටන්කාමී ව්‍යාපාරයක් වන හමාස් රොකට් ප්‍රහාරයේ වගකීම භාරගත් අතර, ඊශ්‍රායලයට එරෙහිව පොදු නැගිටීමක් සිදුකළ යුතු බව අවධරණය කර ඇත.
“තුවක්කුවක් තියෙනවා නම් ඒක එළියට ගන්න. එය භාවිතා කිරීමට මේ කාලයයි. ට්‍රක් රථ, මෝටර් රථ සමඟ පිටතට යන්න, අද හොඳම සහ ගෞරවනීය ඉතිහාසය ආරම්භ වේ ” යැයි හමාස් හමුදාපති මුහම්මද් අල්-ඩෙයිෆ් වාර්තාගත පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
සිය මෙහෙයුම “Al-Aqsa Storm” ලෙස හඳුන්වමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, තම කණ්ඩායම “රොකට් 5,000 කින් සතුරු ස්ථාන, ගුවන් තොටුපල සහ හමුදා ස්ථාන වෙත ප්‍රහාර එල්ල කළ” බවත්, ඊශ්‍රායලයට පහරදීම කාන්තාවන්ට ජෙරුසලමේ මුස්ලිම් පල්ලියට සහ ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාරයක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart