
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පරිසර ඇමැති නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නොරපා හැරීමට පක්ෂය ගත් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කිරීමත් සමඟ, පාර්ලිමේන්තුවේ පක්ෂ මාරුකර ඇති සහ මාරුකිරීමට අපේක්ෂාවෙන් සිටින මැති ඇමැතිවරුන් දැඩි කැළඹීමකට පත්ව ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් ගණනාවක් සිය පක්ෂවලින් කැඩීගොස්, ආණ්ඩුවට සහ විපක්ෂයේ වෙනත් වෙනත් කණ්ඩායම්වලට එක්ව සිටින අතර, නසීර් අහමඩ් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඔවුන්ගේ ඉදිරි දේශපාලන කටයුතුවලට බාධාවක් විය හැකිය යන්න සම්බන්ධයෙන් දැඩි අවධාරණයක් යොමුකර ඇති බව දැනගන්නට ඇත.
පසුගිය වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයට විරුද්ධව ඡන්දය ලබාදීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීන්දුකර තිබියදී, ඔහු පක්ෂයේ තීන්දුවට පිටින් ගොස් ආණ්ඩුවට එක්ව අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර, ඒ හේතුවෙන් ඔහුව පක්ෂයෙන් නෙරපාහැර තිබේ.
පක්ෂයේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ ඔහු, තමා පක්ෂයෙන් නෙරපාහැරීම වළක්වන ලෙස ඉල්ලා සිටි නමුත්, ඔහු පක්ෂයෙන් නෙරපීම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඔහුගේ පක්ෂය විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් වෙත යොමුකිරීමෙන් පසු, ඔහුගේ මන්ත්‍රී ධුරයද අහිමි වන අතර, පරිසර ඇමැති ධුරයද අහිමි වනු ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කර තිබේ.
ඒ හේතුවෙන් ඇතිවන පුරප්පාඩුවට අලුතින් සාමාජිකයෙක් පත්කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට අවස්ථාව ලැබෙන බව ඔවුහු සඳහන් කරති.
මෙවර අයවැයේදී ද පක්ෂයේ තීන්දුවට පිටින් ගොස් හෝ විපක්ෂව ඡන්දය ලබාදීමට බලා සිටින මැති ඇමැතිවරුන්ට ද මෙම තීන්දුව යම් බලපෑමක් එල්ල කරනු ඇතැයි නීති විශාරදයෝ පෙන්වාදෙති.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart