
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය (CPSTL) යන ආයතන දෙකෙහිම නව සභාපතිවරයා ලෙස චීනය සමග සමීපව කටයුතු කරන සාලිය වික්‍රමසූරිය පත්කිරීමට විෂය භාර ඇමැති කාංචන විජේසේකර පියවර ගෙන ඇත්තේ, මෑතකදී මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසි චීනයේ සයිනොපෙක් සමාගමට මෙරට ඉන්ධන වෙළඳපොල සම්පූර්ණයෙන් අත්පත් කරගැනීමේ අවස්ථාව ලබාදීමට බවට උක්ත ආයතනවල සේවකයෝ චෝදනා කරති.
සාලිය වික්‍රමසූරිය යනු චීනය සතු හම්බන්තොට අන්තර්ජාතික වරාය සමූහ ව්‍යාපාරයේ(HIPG) උපදේශකයකු වන අතර, ඔහු චීනය සතු කොළඹ වරාය නගරය(පොර්ට් සිටි) වෙනුවෙන් ස්ථාපිත කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ ප්‍රධානියකු ලෙසද කටයුතු කරනු ලබයි.
චීනයේ සයිනොපෙක් සමාගම මේ වන විටත් ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ ආක්‍රමණය කරමින් සිටින අතර, පිරවුම්හල් වලට විශාල වට්ටමක් සහිතව ඉන්ධන ලබාදීම සිදුකරයි.
මෙම වාසිය හේතුවෙන් රට පුරා බොහෝ පිරවුම්හල් හිමියන් සයිනොපෙක් සමග එක්වීමට කැමැත්ත පළකර ඇතැයි වාර්තා වේ.
මේ නිසා දැනටමත් දැවැන්ත පාඩුවක් සහිතව පවත්වාගෙන යන ඛනිජතෙල් නීතිගත සංස්ථාව වසාදැමීමේ දිනය වැඩි ඈතක නොවන බව සංස්ථාවේ සේවකයෝ පෙන්වාදෙති.
සංස්ථාවේ ප්‍රධානියා ලෙස මෙලෙස චීන හිතවාදී පුද්ගලයකු පත්කර ඇත්තේ, සංස්ථාව වසාදැමීමේ ක්‍රියාවලිය වේගවත් කරමින් චීන සමාගමට වාසි සැලසීම වෙනුවෙන් බව පැහැදිලි යැයි සේවකයෝ වැඩිදුරටත් සඳහන් කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart