
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ පදික මාරුවේදී පුද්ගලයකු අනතුරට ලක්කර පළාගිය බවට, නිල ඇඳුමින් බීමත්ව සිටි රථවාහන පොලිස් නිලධාරියකුට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර තිබේ.
අධික ලෙස මත්පැන් පානය කර සිටි මෙම පොලිස් නිලධාරියාට මට්ටුමගල දේවස්ථානයේ දේවගැතිතුමකු සහ අවට ජනතාව විරෝධය පළකරන ආකාරය එහි සිටි පුද්ගලයකු වීඩියෝගත කර තිබේ.
කෙසේවෙතත් පොලිස් නිලධාරියා තමා සිදුකළ වරද නිවැරදි කිරීමට එහිදී උත්සාහ කරන ආකාරයද දැකගත හැකිය.
තුවාල ලැබූ පුද්ගලයාගේ අතේ සහ පාදයේ අස්ථි බිඳීමකට ලක්ව ඇති අතර, ඔහු කඩිනමින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.
සිද්ධියෙන් පසු රථවාහන පොලිස් නිලධාරියා තමා අනතුරට ලක්කළ පුද්ගලයාගේ තුවාල පිළිබඳව හෝ නොබලා ත්‍රිරෝද රථයකින් එම ස්ථානයෙන් පළාගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහබාගේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart