
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකයන් (Average Weighted Prime Lending Rate – AWPR) තවදුරටත් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව ප්‍රකාශයට පත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ, පසුගිය සතිය වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකය 14.67% ක් දක්වා පහළ ගොස් ඇති බවයි.
එය ඊට පෙර සතිය අවසානයේ දී 14.81% ක් ලෙසින් වාර්තා වී තිබිණි.
මේ අතර වානිජ බැංකු කිහිපයකම බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකයන් 15% මට්ටමෙන් පහළට පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකිවේ.
ඒ අතුරින් කොමර්ෂල් බැංකුවේ බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකය 13.81% ක් දක්වා පහළ ගොස් තිබීම විශේෂත්වයකි.
වානිජ බැංකු අතුරින් 14% මට්ටමට වඩා පහළ අගයක, බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකය පවතින එකම බැංකුව ලෙසින් ද කොමර්ෂල් බැංකුව මේ අනුව හැඳින්විය හැකිය.
මීට අමතරව මහජන බැංකුව (14.50%). හැටන් නැෂනල් බැංකුව (14.44%), නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (14.70%) සහ අමානා බැංකුව (14.46%) සියයට 15ට වඩා අඩු මට්ටමක සිය බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකයන් පවත්වා ගෙන යන බැංකු ලෙසින් වාර්තා වී තිබේ.
සතියක් තුළ වාණිජ බැංකු විසින් සිය ප්රමුඛ ගනුදෙනුකරුවන් වෙත පිරිනමනු ලබන ණය පොලී අනුපාතික පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සතිපතා බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකය (Average Weighted Prime Lending Rate – AWPR) ගණනය කරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart