
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය භූ-දේශපාලනික අවශ්‍යතා පිළිබඳව මිස තෙවන පාර්ශ්වයක ගැටළු සම්බන්ධයෙන් තමන් සමග සකච්ඡා නොකරන ලෙස ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට සහ ජපානයට දැනුම්දී ඇතැයි වාර්තා සඳහන් කරයි.
විදේශ ඇමැති අලි සබ්රි පසුගියදා එක්සත් ජනපද උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් ඇතුළු නියෝජිතයන් හමුවූ විට එවැනි පණිවිඩයක් අදාළ රටවලට ලබාදී ඇති බව ‘ඩේලි මිරර්’ වාර්තා කරයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ඇමැතිවරයා ද්විපාර්ශ්වික වැඩසටහන් මාලාවකට සහභාගී විය.
තුන්වන රටක් පිළිබඳව නොවන, ඕනෑම කරුණක් සම්බන්ධයෙන් තම කනස්සල්ල සෘජුවම ප්‍රකාශ කරන ලෙස ඇමැතිවරයා එම රටවලින් ඉල්ලා ඇති බව වාර්තා වේ.
චීන පර්යේෂණ නෞකාවක් වන ‘ෂි යැං 6’ හි සැලසුම් කර ඇති සංචාරය සම්බන්ධයෙන් ඉන්දියාව, ජපානය සහ එක්සත් ජනපදය සම්බන්ධ ත්‍රෛපාර්ශ්වික පීඩනයකට මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී සිටී.
මෙම නෞකා සංචාරය නොවැම්බර් මාසය දක්වා කල් තැබීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය වුවද එය ඔක්තෝම්බර් මාසයේදී සිදු කළ යුතු බවට චීනය අවධාරණය කර ඇතැයි දැනගන්නට තිබේ.(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart