
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බැඩ්මින්ටන් ජාතික ශුර නිලූක කරුණාරත්න අන්තර්ජාතික බැඩ්මින්ටන් පිටියෙන් ඉවත්වන බව ප්‍රකාශ කර ඇත.
තරුණ,ක්‍රිඩකයන්ට අවස්ථාව ලබාදීමේ අරමුණිනින් යුතුව මෙම තීරණයට එළඹි බව 38 හැවිරිදි නිලුක කරුණාරත්න පවසයි.
නිලුක කරුණාරත්න 2017 වසරේ පැවැති 32 වැනි බ්‍රසීල අන්තර්ජාතික බැඩ්මින්ටන් ශූරතාවය දිනාගනිමින් ශ්‍රී ලංකා නාමය ලෝකයේ ඉහළින්ම රඳවා තැබීමට සමත් විය. ඒ පිරිමි ඒකල අංශයේ ශූරතාවය තමන් සතුකර ගනිමිනි.
වසර 23 කාලයක් පුරා බැඩ්මින්ටන් පිටියේ ක්‍රිඩාකළ අත්දැකීම් බහුල නිලුක කරුණාරත්න අන්තර්ජාතික පදක්කම් 34ක් සහ ජාතික ශූරතා 17ක් ජයග්‍රහණය කර තිබේ.
2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ හොඳම ක්‍රීඩකයන් 16 දෙනා අතරට පැමිණීමටද නිලුක කරුණාරත්න සමත්ව තිබිණි.
අම්බලන්ගොඩින් බිහිවු ජාතික ශුර නිලුක කරුණාරත්නගේ සොහොයුරන් වන දිලුක සහ දිනුක බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණ දක්ෂතා දක්වන අතර, නිලුක කරුණාරත්නගේ බාල සොහොයුරු චාමික කරුණාරත්න ක්‍රිකට් ක්‍රිඩාවෙන් ඉදිරියට පැමිණ ජාතික කණ්ඩායම වෙනුවෙන්ද දක්ෂතා දක්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart