
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරට එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත අධ්‍යයන වැඩසටහනකට සහභාගී වීම සඳහා වීසා ලබානොදීමට අමෙරිකානු තානාපති කාර්යාලය ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කිරීමට නොහැකි බව පාර්ලිමේන්තුව සඳහන් කර ඇත.
මේ පිළිබඳව තානාපති කාර්යාලයෙන් විමසීමක් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් නොමැති නමුත්, ඒ සම්බන්ධයෙන් ගත් තීරණයට අභියෝග කළ නොහැකි බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසා ඇත.
සඳුදා (25) දිනැති ලිපියක් මගින් මන්ත්‍රීවරයා වෙනුවට එම අධ්‍යයන වැඩසටහන සඳහා වෙනත් සහභාගිවන්නෙක් නම් කරන ලෙස පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයෙන් තානාපති කාර්යාලය කළ ඉල්ලීම සම්බන්ධයෙන් නිල වශයෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් විමසන ලෙස මන්ත්‍රීවරයා කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට මැදිහත්විය හැකිද යන්න පිළිබඳව නියෝජ්‍ය කථානායකවරයාගෙන් විමසූ විට ඔහු සඳහන් කර ඇත්තේ, තානාපති කාර්යාලයේ තීරණය අභියෝගයට ලක් කළ නොහැකි බව පිළිගන්නා අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමේ ගැටලුවක් නොමැති බවයි.
“අපිට කිසිම බලපෑමක් කරන්න බැහැ, නමුත්, අපට කාරණය ගැන විමසන්න පුළුවන්. කෙසේ වෙතත් අවසානයේ ඔවුන්ගේ තීරණයට අනුව කටයුතු කිරීමට අපට සිදුවේවි” ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
මන්ත්‍රීවරයාට අවශ්‍ය ආරක්ෂක නිෂ්කාශන වාර්තා ලබාගැනීමේ ක්‍රියාවලිය දීර්ඝ ක්‍රියාවලියක් වන බැවින්, වැඩසටහන සඳහා විකල්ප සහභාගිවන්නෙක් නම් කරන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය පාර්ලිමේන්තුවට දන්වා ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය ඔහුට දන්වා තිබේ.
සරත් වීරසේකර මන්ත්‍රීවරයා චීන හිතවාදියෙක් ලෙස සැලකෙන අතර, පසුගිය වකවානුවේ ආන්දෝලනාත්මක චීන වැඩසටහන් කිහිපයකටම සහභාගී වී තිබේ.
චීනයේ ආන්දෝලනාත්මක පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 එක්සත් ජනපදයේද විරෝධය මැද මෙරටට පැමිණි අවස්ථාවේදී සරත් වීරසේකර මන්ත්‍රීවරයා එය පිළිගැනීමේ උත්සවයට ගොස් කතාවක්ද පැවැත්වීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart