
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රාන්තය පුරා කඳවුරුවල සහ ඉන් පිටත වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ කෙටිකාලීන හා දිගුකාලීන ගැටලුවලට කල් පවත්නා විසඳුම් සෙවීම සඳහා තමිල්නාඩු රජය විසින් පිහිටුවන ලද මණ්ඩලයක් සිය අතුරු වාර්තාව පසුගිය සිකුරාදා තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් ලේකම් කාර්යාලයේදී බාරදුන්නේය.
එම අතුරු වාර්තාව ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඉන්දීය පුරවැසිභාවය ලබාදීමේ ක්‍රම ගවේෂණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් යම් යම් නිර්දේශ ඉදිරිපත් කර ඇත.
“තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට සහ පුරවැසිභාවය සඳහා වන නීතිමය මාර්ග පිළිබඳ ප්‍රධාන නිර්දේශ ගෙනහැර දක්වමින්, අපි මහ ඇමැතිවරයා වෙත අතුරු වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය වසර දෙක තුළ කඳවුරුවලින් රැස්කරගත් දත්ත අධ්‍යයනය කිරීමෙන් සහ මේ සම්බන්ධයෙන් වන අනෙකුත් තොරතුරු තක්සේරු කිරීමෙන් පසුව අපි නිර්දේශ ඉදිරිපත් කර ඇත්තෙමු.” යැයි අදාළ කමිටුව ජනමාධ්‍යය වෙත ප්‍රකාශ කර ඇත.
වාර්තාවට අනුව පුරවැසිභාවය සඳහා මාර්ග, තමිල්නාඩුවේ ඉන්දියානු සමාජයට ඔවුන් ඒකාබද්ධ කිරීම සඳහා පියවර සහ නැවත මෙරටට ගෙන්වා ගැනීමේ පැකේජයක් ඇතුළත් නිර්දේශ ඉදිරිපත් කර ඇත.
ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් 5,000ක් පමණ (තේ වතුවල වැඩ කිරීම සඳහා යටත් විජිත බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාවට ගෙන යන ලද) සම්බන්ධයෙන්ද මෙම වාර්තාව ප්‍රබල කරුණක් වන අතර, බොහෝ විට ශ්‍රී ලාංකීය ද්‍රවිඩයන් ලෙස හඳුනාගෙන ඇති අයට පුරවැසිභාවය ලබාදීම පිළිබඳ විකල්ප ගවේෂණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart