
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්රබල කුණාටු හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වීමත් සමඟ නිව්යෝර්ක් නගරයේ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර තිබේ.
නගරයේ බොහෝ උමං මාර්ග පද්ධති, වීදි සහ මහාමාර්ග ගංවතුරින් යටවී ඇති අතර, ලාගාර්ඩියා ගුවන්තොටුපළේ අවම වශයෙන් එක් පර්යන්තයක් වසා දමා ඇත.
“මෙය භයානක, ජීවිතයට තර්ජනයක් වන කුණාටුවක්,” ආණ්ඩුකාර කැතී හොචුල් පවසා තිබේ.
“කලාපය පුරා දකින අධික වර්ෂාපතනය හේතුවෙන් මම නිව් යෝර්ක් නගරය, ලෝන්ග් අයිලන්ඩ් සහ හඩ්සන් නිම්නය හරහා හදිසි තත්වයක් ප්රකාශ කරමි” යැයි ආණ්ඩුකාරවරිය පවසා ඇත.
ආරක්ෂිතව සිටීමට පියවර ගන්නා ලෙසත් “කිසිවිටක ගංවතුරින් යට වූ මාර්ගවල ගමන් කිරීමට උත්සාහ නොකරන්න” ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
මරණ හෝ බරපතල තුවාල කිසිවක් වාර්තා වී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart