
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනය විසින් සිය ඔත්තු සේවාවන් සඳහා වැඩි වැඩියෙන් ජනතාව බඳවා ගැනීම කෙරෙහි අවධානය යොමුකර ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
වසර කිහිපයක සිට චීනය මුහුණදෙමින් සිටින ආර්ථික අවපාතය හමුවේ රට අනාරක්ෂිත වීම වැලැක්වීම සඳහා පාලක කොමියුන්ස්ට් පක්ෂය විසින් මෙලෙස ජනයා ඔත්තු බැලීමේ කටයුතු වෙනුවෙන් වැඩි වැඩියෙන් යෙදවීමට පියවර ගන්නා බව පුවත්පත් පෙන්වාදෙයි.
මෙලෙස සිය ජනතාව ඔත්තු බැලීම වෙනුවෙන් පුහුණු කිරීම සඳහා චීන විශ්වවිද්‍යාලවල වෙනම පීඨයන් ආරම්භ කිරීම කෙරෙහිද පාලක කොමියුනිස්ට් පක්ෂයේ අවධානය යොමුව ඇතැයි පැවැසේ.
ඕනෑම දරුණු තත්වයකට මුහුණදීමට රට සූදානමින් තැබිය යුතු බව පසුගිය මැයි මාසයේදී චීන ජනපති ෂී ජින්පින් ජාතික ආරක්ෂක කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.
මේ අතර චීනයේ ඔත්තුකරුවන් පිළිබඳව එක්සත් ජනපදය ඇතුළු ලොව රටවල් ගණනාවක්ම සිය අවධානය දැඩි කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart