
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බයිබලයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාවල්පින්ඩිහිදී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බව පාකිස්ථානයේ ඩෝන් පුවත්පත වාර්තා කරයි.
මිනිසකු විසින් ශුද්ධ වූ ග්‍රන්ථයට සෙරෙප්පුවකින් පහරදී අපහාස කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ට්විටර් සමාජ ජාලයේ පළවීමත් සමඟ මෙම සිද්ධිය අනාවරණය විය.
වීඩියෝවට ප්‍රතිචාර වශයෙන් රාවල්පින්ඩි පොලිසිය සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පියවර ගේත තිබේ.
රාවල්පින්ඩි සහකාර උප පොලිස් පරීක්ෂක නවීඩ් අස්ලාම් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පාකිස්ථාන දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය ක්‍රියාත්මක කරමින් ආගමික අපහාසය සම්බන්ධයෙන් මෝර්ගා පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර ඇත.
“ඉස්ලාමය කෙනෙකුගේ විශ්වාසයන්ට ගරු කරන තැන, එය අන් අයගේ විශ්වාසයන්ට ගරු කිරීම ද උගන්වයි. තම පුරවැසියන්ට ආගමික ආරක්‍ෂාව සැලසීම රාජ්‍යයේ වගකීමක්” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාකිස්ථාන මුස්ලිම් ලීගයේ මහ ලේකම් අහසාන් ඉක්බාල් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart