
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමග ශ්‍රී ලංකාව අත්සන් කර ඇති ගිවිසුම අවශ්‍යතාව වෙනස්කළ හැකි බව මූල්‍ය අරමුදල පවසයි.
ගිවිසුමේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් යළි සලකා බැලීමක් සිදුවිය යුත්තේ එහි අවසාන අරමුණු සාක්ෂාත් කර ගැනීමේ හැකියාව මත බව, IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් පෙන්වාදුන්නේය.
ඊයේ (27) කොළඹ දී IMF නියෝජිතයන් පැවැත්වූ ජනමාධ්‍ය හමුවක දී ජනමාධ්‍යය විසින් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් පීටර් බෘෘවර්මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් මෙසේද පැවැසීය.
“ගිවිසුම යළි සළකා බැලීම හෝ යළි සාකච්ඡාවට ගැනීම, ප්‍රතිපත්තිමය වශයෙන් කළ හැකි දෙයක්. එය භාරදූර කටයුත්තක්. අපි තහවුරු කර ගත යුතු කාරණය තමයි, වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගත හැකි බව. එය වෙන්න පුළුවන් දෙයක්. වැඩසටහන අතරතුර එකම අරමුණ විවිධ මාර්ග ඔස්සේ සපුරා ගැනීම සඳහා විවිධ සුළු සුළු වෙනස්කම් සිදුකෙරෙන්න පුළුවන්. මෙය ගතික වැඩසටහනක්. එය ඕනෑම අවස්ථාවක කළ හැකියි.”
තම ආණ්ඩුවක් යටතේ IMF ගිවිසුම සංශෝධනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart