
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වර්තමානයේ උගතුන් රට හැර යන බවට විවිධ අදහස් ඉදිරිපත් වන මොහොතක කොළඹ විශ්වවිද්‍යාලය සිය විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ අනාවරණය කළ සහ වැඩිදියුණු කරන ලද නිෂ්පාදන වාණිජ නිෂ්පාදන ලෙස වෙළඳපොළට එළිදක්වමින් සාර්ථක ආදායම් උත්පාදනයට කටයුතු කර තිබේ.
මේ වන විට ඒ සඳහා එම විශ්වවිද්‍යාලය තුළ වාණිජ නිෂ්පාදන ආයතන සම්බන්ධීකරණය වෙනුවෙන් වෙනම ඒකකයක් ද පිහිටුවා ඇත.
ඒ හරහා සම්බන්ධීකරණය සිදුකරමින් පසුගිය කාලයේ කොළඹ විශ්ව විද්‍යාලය විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධ වර්ග සහ ආලේපන කිහිපයක් වෙනුවෙන් විශ්වවිද්‍යාලයට හිමි කර්තෘභාගය පිරිනැමීමේ උත්සවයක් පසුගියදා සංවිධානය කර තිබිණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ (IBMBB) මහාචාර්ය සමීර ආර්. සමරකෝන් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම සිය පර්යේෂණ ඇසුරින් සිදුකළ විද්‍යාත්මක අනාවරණයන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් වෙනුවෙන් මෙම මුදල හිමිව තිබේ.
එම නිෂ්පාදන වන්නේ ;
1. Vernolac – පිළිකා සෛල නැසීමේ හැකියාව පර්යේෂණාත්මකව තහවුරු කරන ලද පෝෂක ඖෂධය
2. Satiny – අකලට හිස කෙස් වැටීම, ජානමය තත්වයන් නිසා තට්ටය ඇති වීම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කිරීමේ අද්විතීය ගුණයෙන් හෙබි ඖෂධීය ශීර්ෂාලේපය
3. Ortho Shield – බොහෝදෙනකු මුහුණ දෙන සන්ධි ආශ්‍රිත වේදනාවන් සහ කැක්කුම් වහා සමනය කිරීමේ මනා හැකියාව විද්‍යාත්මකව තහවුරු කරන ලද ශාකසාර අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද ආලේපනය
4. Bio Shape – ස්ථුලභාවය පාලනය කරමින්, අමතර මේදය බැහැර කරමින්, ආහාර පාලනයටත් ශරීරයේ හැඩය මනාව පවත්වා ගැනීමටත් ඉවහල් වන පෝෂක ඖෂධය
මේ සඳහා කොළඹ විශ්වවිද්‍යාලය සමඟින් ගිවිසුම්ගතව ඇත්තේ දේශීය සමාගමක් වන ෆැඩ්නා සමාගම් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන ෆැඩ්නා ලයිෆ් සයන්ස් සමාගමයි.
ඔවුන් අදාළ නිෂ්පාදන අලෙවිකොට ලැබූ ලාභයෙන් කොළඹ විශ්වවිද්‍යාලට හිමි කර්තෘභාගයට අදාළ මුදල පසුගියදා (27) කොළඹ විශ්ව විද්‍යාලය වෙත පිරිනැමීමට කටයුතු කර තිබිණි.
ෆැඩ්නා සමාගමේ අධිපති චමේන්ද්‍ර සෝමතුංග විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති එච්.ඩී කරුණාරත්න වෙත අදාළ මුදල භාර දී තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලය නිෂ්පාදනය කළ මෙම නිෂ්පාදන අතර පිළිකා සෛල නසාදැමීමේ හැකියාවෙන් යුතු පෝෂක ඖෂධයක් ද පවතින අතර විශ්වවිද්‍යාලයට ලද අදායමින් කොටසක් තවදුරටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනය තුළ ස්ථාපිත පිළිකා පිළිබඳ පර්යේෂණ අරමුදල වෙනුවෙන් යෙදවීමට පියවර ගැනීම ද විශේෂත්වයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart