
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැතිවරයාගේ නියෝගයට අනුව මෙම පනත් කෙටුම්පත සැප්තැම්බර් 22 වැනිදා ගැසට් කර ඇත.
ශ්‍රී ලංකාවේ ජාතික සමගිය සහ සංහිඳියාවේ අවශ්‍යතාවය සහ වැදගත්කම ඉලක්ක කරගත් මෙම පනත් කෙටුම්පතේ අරමුණ වන්නේ, සියලු ජන කොටස් සමගියෙන් ජීවත්වන සමාජයක් ගොඩනැගීම සඳහා සංහිඳියා කාර්යාලයක් පිහිටුවීමයි.
මෙම කාර්යාලය ඇමැතිවරයා විසින් නම් කරන ලද සහ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද එක් සාමාජිකයෙක්ගෙන් සහ ඇමැතිවරයාගේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත් කරන ලද තවත් සාමාජිකයන් 10 දෙනෙක්ගෙන් සමන්විත වේ.
ඔවුන්ගේ නිල කාලය වසර 03 කි.
කාර්යාලයේ සභාපතිවරයා ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු අතර, එය ඇමැතිවරයාගේ නිර්දේශය මත සිදුකළ යුතුය.
ජාතික සමගියට අහිතකර බලපෑම් ඇති කරන ගැටලු විසඳීමට මෙන්ම විවිධ ප්‍රජාවන් අතර ආතතීන් සහ ගැටුම් නිරාකරණය කිරීමට රජයට පියවර නිර්දේශ කිරීම සංහිඳියා කාර්යාලයේ ප්‍රධාන කාර්යභාරයක් වේ.
අභ්‍යන්තරව අවතැන් වූවන් නැවත පදිංචි කිරීම, හිටපු සටන්කාමීන් පුනරුත්ථාපනය කිරීම සහ සමාජගත කිරීම වැනි පශ්චාත් ගැටුම් ගැටලුවලට විසඳුම් සෙවීම ද සංහිඳියා කාර්යාලයට පැවරී ඇත.
මෙම කාර්යාලයේ කටයුතු පරිපාලනය කිරීම සඳහා ලේකම් කාර්යාලයක් ස්ථාපිත කළ යුතු අතර, එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කළ යුතුය.
කාර්යාලයට අසත්‍ය තොරතුරු ලබාදී එහි කටයුතු කරගෙන යෑමට බාධා කරන පුද්ගලයන්ට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු පැවරීමට මෙම පනත් කෙටුම්පත මඟින් අවසර ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart