
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ නළුවකු වන අනිල් කපූර් කෘත්‍රිම බුද්ධියට එරෙහිව සුවිශේෂී නඩු තීන්දුවක් ලබාගෙන ඇත.
Slumdog Millionaire ඇතුළු චිත්‍රපට 100 කට අධික ප්‍රමාණයක පෙනී සිට ඇති කපූර් මෑතක දී, ඔහුගේ පෞරුෂ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා දිල්ලි මහාධිකරණයේ නඩුවක් ගොනු කළේය.
මෙයට ඔහුගේ නම, රූපය, කටහඬ සහ ඔහුගේ සමානත්වයේ වෙනත් ගුණාංග ඇතුළත් වේ.
අධිකරණය බදාදා ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබා දී ඇති අතර, එමඟින් අනිල් කපූර්ගේ පෞරුෂ අයිතිය පිළිගෙන, පිටස්තරයන්ට අවසරයකින් තොරව ඔහුගේ ගුණාංග “අනවසරයෙන්” භාවිත කිරීම(කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින්) වළක්වා තිබේ.
මෙම නියෝගය සියලුම ජනමාධ්‍ය සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් අනිල් කපූර්ගේ අයිතිවාසිකම්වලට අදාළ වේ.
අනිල් කපූර් පවසා ඇත්තේ මෙම නියෝගය මගින් කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් රංගන ශිල්පීන්ගේ හැකියාවන් සොරකම් කිරීම වළක්වා ඇති බවයි.
හොලිවුඩයේ නළු නිළියන් කෘත්‍රිම බුද්ධියට එරෙහිව සිදුකරන වැඩවර්ජනයටද අනිල් කපූර් සහයෝගය පළකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart