
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ නායක ප්‍රභා ගනේෂන් සහ අරගලයේ ක්‍රියාකාරීන් අතර සාකච්ඡාක් පවත්වා තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදි ජනතා කොංග්‍රසයේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා ඇති මෙම සාකච්ඡාවට අරගලයේ ක්‍රියාකාරිකයකු වන ධනීෂ් අලි ඇතුළු පිරිසක් සහභාගි වී ඇතැයි වාර්තා සඳහන් කරයි.
නිවැරදි දැක්විමක් සහිත අන්තර්ජාතික ප්‍රජාව පිළිගත් පුද්ගලයකු ඉදිරි මැතිවරණයකදී ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනිම, මැතිවරණයකට ප්‍රථම වතුකරයේ ගැටලු සමග වතුකරයේ රැස්විමක් පැවැත්විම සහ රටේ සියලුම පළාත්වල වාසය කරන දෙමළ ජනතාව ඒකරාශී කරගැනීම ඇතුළු දේශපාලන කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡාවට ලක්කර ඇත.
එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනට රටේ සිටින හොදම ලිබරල් නායකයා බවත්, නියම වේලාවෙට සුදුසු පුද්ගලයා පත්කර ගත හැකි බවටත් අරගලකරුවන් මෙහිදී පෙන්වාදී ඇතැයි දැනගන්නට තිබේ.
දැනට සෞඛ්‍ය ඇමැතිධුරය අපේක්ෂාවෙන් සිටින විපක්ෂයේ දේශපාලකයකු සහ ඔහුගේ පුත්‍රයා සමග ඉදිරියේදී කිට්ටුවෙන් කටයුතු කිරීමටද මෙහිදී දෙපාර්ශවය අතර එකඟත්වය පළව ඇතැයි වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart