
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අබිරහස් ලෙස මරණයට පත්වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ගොඩගත් දේහය ඔහුගේ පවුලේ අයට භාර දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර තිබේ.
මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කර ඇති නිසා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (25) මෙම නියෝගය නිකුත් කර ඇත.
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පසුගිය මැයි මාසයේදී බොරැල්ල පොදු සුසාන භූමියේදී ගොඩගනු ලැබුවේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ පංච පුද්ගල විශේෂ අධිකරණ වෛද්‍ය විශේෂඥ කමිටුව කළ ඉල්ලීමකට අනුවය.
මරණයට හේතුව තහවුරු කරගැනීම සඳහා ෂාෆ්ටර්ගේ දේහය ගොඩගැනීමට අවශ්‍ය බව කමිටුව විසින් මීට පෙර පැවැති නඩු විභාගයකදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය වෙත දැනුම් දීමෙන් අනතුරුව සිරුර ගොඩගෙන ඇත.
52 හැවිරිදි දිනේෂ් ෂාෆ්ටර් 2022 දෙසැම්බර් 15 වැනිදා බොරැල්ල කනත්තේදී ඔහුගේ මෝටර් රථයේ රියදුරු අසුනේ ගැටගසා සිටියදී සොයා ගන්නා ලද අතර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් පසුදා මියගියේය.
ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය බොරැල්ල පොලිසිය සමඟ එක්ව පරීක්ෂණ ආරම්භ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart